ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත 2025 ඔක්තෝබර් 30 වන දින ආරම්භ කළ “රටම එකට” මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම යටතේ මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය කිලෝ 15,917ක් සහ සැකකරුවන් 230,248ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, නාවික හමුදාව, රේගුව සහ විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා සඳහන් කරන පරිදි, මෙම මෙහෙයුම් තුළින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙනි. ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2,608ක් සහ සැකකරුවන් 89,056ක් ද, හෙරොයින් කිලෝ 2,248ක් සමඟ සැකකරුවන් 74,619ක් ද පොලිස් භාරයට ගෙන ඇත. මීට අමතරව ගංජා කිලෝ 7,481ක් සහ සැකකරුවන් 51,490ක් ද, කොකේන් කිලෝ 289ක් සමඟ සැකකරුවන් 201ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර කුෂ් කිලෝ 1,636ක් සහ හෂීස් කිලෝ 349ක් ද මෙහෙයුම් මගින් සොයාගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම ජාවාරම් ජාලයන්ට සහාය දක්වන්නන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සමාජගත කිරීමේ අරමුණින් දිගින් දිගටම වැටලීම් සිදු කරමින් පවතී.














