දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවැති සංගීත ප්‍රසංගයක ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුල මත වාඩිවී ඇයට ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මකුළුගස්වැව පොලිසියට අනුයුක්තව රාජකාරි කරන මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අතර එහිදී ඔහු බීමතින් සිටි බවට තහවුරු වී තිබේ. අතවරයට ලක්වූ බව කියන කාන්තා කොස්තාපල්වරිය ද මකුළුගස්වැව පොලිසියට අනුයුක්තව සේවය කරන නිලධාරිනියකි. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














