පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර් කලාපයේ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. පූන්ච් දිස්ත්‍රික්කයේ සිදු වූ වෙඩි හුවමාරුවකින් ආරක්ෂක නිලධාරියෙකු ද මියගිය අතර, එම ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා පා ගමනක් ද තාවකාලිකව අත්හිටුවීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ.
කලාපයේ ක්‍රියාත්මක ‘ඒකාබද්ධ අවාමි ක්‍රියාකාරී කමිටුව’ තහනම් කිරීම සහ සරණාගතයන් සඳහා ව්‍යවස්ථාදායක සභාවේ ආසන 12ක් වෙන් කිරීමට එරෙහිව මෙම උද්ඝෝෂණ උත්සන්න වී ඇත. පසුගිය මාසයේ සිට මේ දක්වා කාශ්මීරයේ සිදුවූ විරෝධතාවලින් පුද්ගලයන් 28 දෙනෙකු මියගොස් 79 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
















