හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින උණුසුම් තත්ත්වය මධ්‍යයේ අමෙරිකානු හමුදාව ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර මාලාවක් හේතුවෙන් නිරිතදිග ඉරානයේ පිහිටි පිළිකා රෝහලක් අසලට ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 200කට අධික පිරිසක් හදිසියේ ඉවත් කිරීමට සිදුවූ බව ඉරාන රජය පවසයි.
අමෙරිකානු හමුදාව පවසන්නේ මෙම ප්‍රහාර මගින් ඉරාන හමුදාවේ මර්මස්ථාන රැසක් විනාශ කළ බවයි. කෙසේ වෙතත්, සෞඛ්‍ය පහසුකම් ඉලක්ක කර ගනිමින් සිදුකරන මෙම ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. සිදුවීම සම්බන්ධයෙන් අමෙරිකානු හමුදාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
















