ඇෆ්ගනිස්තානයේ කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම සඳහා ඉන්දියාවේ සහය ලබාගැනීමේ අරමුණින් තලේබාන් රජයේ වැඩබලන කෘෂිකර්ම ඇමැති අතාවුල්ලා ඔමාරි ඉන්දියාවේ සංචාරයක නිරත වී තිබේ. ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිරිහෙමින් පවතින පසුබිමක මෙම සංචාරය සිදුවීම භූ දේශපාලනික වශයෙන් වැදගත් සිදුවීමක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඇෆ්ගනිස්තානයේ සංවර්ධනය සඳහා ඉන්දියාවේ සහයෝගය අතිශය වැදගත් බව නවදිල්ලි නුවරදී අමාත්‍යවරයා අවධාරණය කළේය. පසුගිය මාස 9ක කාලය තුළ තලේබාන් රජයේ විදේශ ඇමැති සහ සෞඛ්‍ය ඇමැති ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයන් සිව්දෙනෙකුම ඉන්දියාවේ සංචාරය කර තිබීම පාකිස්තානයේ අවධානයට ලක්ව ඇත.
මෙම සබඳතා පාකිස්තානයේ ආරක්ෂක අවශ්‍යතාවලට බාධාවක් නොවන තාක් කල්, ඉන්දියාව සමඟ තලේබාන් රජය සබඳතා ගොඩනඟා ගැනීම සම්බන්ධයෙන් පාකිස්තානයට විරුද්ධත්වයක් නොමැති බව පාකිස්තානයේ හිටපු විශේෂ නියෝජිත ආසිෆ් අලි දුරානි ප්‍රකාශ කර තිබේ.














