වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ (MLT) සහ භෞතචිකිත්සක යන පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් සඳහා උපාධිධාරීන් 101 දෙනෙකු බඳවා ගැනීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පැවැත්විණි.
වසර පහක කාලයකට පසු මෙම වෘත්තීන් සඳහා උපාධිධාරීන් බඳවා ගනු ලබන අතර, මොවුන් මාස 06ක අනුස්ථාපන හා සමායෝජන පුහුණුවකින් අනතුරුව රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ස්ථිර තනතුරු සඳහා අනුයුක්ත කිරීමට නියමිතය. මෙම පුහුණු වැඩසටහන තුළ රෝහල් පද්ධතියේ නවීන සායනික ක්‍රමවේද, තාක්ෂණය සහ වෘත්තීය ආචාරධර්ම පිළිබඳ පුළුල් පුහුණුවක් ලබා දෙන අතර, සති දෙකක විශේෂ කළමනාකරණ පුහුණුවක්ද ඊට ඇතුළත් වේ.














