සෞදි අරාබියේ ගුවන් ආරක්ෂක පද්ධති ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.96ක වටිනාකමින් යුත් අවි ආයුධ අලෙවි කිරීමට එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.
මැද පෙරදිග කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ සෞදි අරාබියේ දේශීය ආරක්ෂාව ඉහළ නැංවීම මෙම අලෙවියේ ප්රධාන අරමුණයි. මෙම ගනුදෙනුව යටතේ සෞදි අරාබිය වෙත ‘Advanced Precision Kill Weapon Systems’ (APKWS) සහ ඒ ආශ්රිත යුද හිස් 20,000ක් ලබා දීමට නියමිතය. මෙම අවි සැපයුමේ ප්රධාන කොන්ත්රාත්කරු ලෙස ‘BAE Systems’ ආයතනය කටයුතු කරනු ඇත.
යේමනයේ හවුති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ අබ්හා ගුවන්තොටුපළ වෙත මිසයිල ප්රහාර එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුද අවදානමක් මතුව තිබේ. හවුති නායක අබ්දුල්-මලික් අල්-හවුති අනතුරු අඟවා ඇත්තේ, සෞදිය යේමනයට එරෙහි ආක්රමණයට සම්බන්ධ වුවහොත් සෞදියේ තෙල් සහ වැදගත් ස්ථාන ඉලක්ක කරන බවයි. අමෙරිකාව සහ ඉරානය අතර පවතින සටන් විරාමය බිඳ වැටී ඇති සහ අමෙරිකාව ඉරානයට එරෙහි ප්රහාර තීව්ර කර ඇති පසුබිමක අමෙරිකාව මෙම පියවර ගෙන ඇත.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්














