ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වැනි සංවත්සර සැමරුම ලබන නොවැම්බර් 28 වැනි දින සිට දෙසැම්බර් 2 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය. මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන පැවැත්වේ.
මෙම සැමරුම් උලෙළේ සංවිධාන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එම සම්මේලනය සඳහා ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ඇතුළු ශ්‍රී ලාංකීය මහා සංඝරත්නය 5,000කට ආසන්න පිරිසක් සහභාගි වීමට නියමිතය. මීට අමතරව, ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50කට අධික සංඛ්‍යාවකින් භික්ෂු-භික්ෂුණීන් වහන්සේ සහ ගිහි නියෝජිතයෝ 600කට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිත බව සංවිධායක මණ්ඩලය පවසයි.














