එක්සත් ජනපද හමුදාව විසින් ඉරානයේ පාලම්, දුම්රිය ස්ථානයක් සහ ගුවන් තොටුපොළක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. මෙය ඇමෙරිකානු හමුදා විසින් ඉරානයට එල්ල කරන ලද අඛණ්ඩ හයවන රාත්‍රී ප්‍රහාරය වන අතර, ඉරානයේ හමුදා හැකියාවන් තවදුරටත් දුර්වල කිරීම මෙහි අරමුණ බව ඇමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) නිවේදනය කර ඇත.
ඉරානයේ හෝර්මොස්ගාන් පළාතේ පාලම් දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ බුෂෙහර් නගරයේ පිපිරීම් දෙකක් වාර්තා වී ඇති අතර, එය ඇමෙරිකානු ආක්රමණයේ දිගුවක් බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය පවසයි. මීට මාසයකට පෙර ඇති කරගත් මූලික සාම ගිවිසුම තිබියදීත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව මෙම ගැටුම් නැවත ආරම්භ වී තිබේ. තම රටේ බලශක්ති සහ ප්‍රවාහන යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළහොත්, කලාපය පුරා ඇති ඇමෙරිකානු මිත්‍ර පාක්ෂිකයින්ගේ යටිතල පහසුකම් ඉලක්ක කරන බවට ඉරානය මීට පෙර අනතුරු අඟවා තිබුණි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාර මාලාව මැද වුවද, ධවල මන්දිරය තවමත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා දොර විවෘතව පවතින බව සඳහන් කරයි.














