• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එයාර්බස් ගනුදෙනුවේ නීතිමය පියවර තවත් තද වෙයි

ප්‍රියංකා නයෝමාලිට විවෘත වරෙන්තු නිකුත් කෙරේ!

17 July 2026
in දේශීය, පුවත්
එයාර්බස් ගනුදෙනුවේ  නීතිමය පියවර තවත් තද වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ (SriLankan Airlines) සිදුවූ බව කියන ආන්දෝලනාත්මක එයාර්බස් ප්‍රසම්පාදන ගනුදෙනුව (Airbus Deal) සම්බන්ධයෙන් පවතින නඩුවේ දෙවන සැකකාරිය වන, එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) නැවතුම් කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායක මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක කළ හැකි පරිදි ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු (Open Warrants) නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.
මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විමර්ශන නිලධාරීන් විසින් සැකකාරිය අධිකරණය මඟහරිමින් සිටින බවට කරන ලද කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඇය වෙනුවෙන් මීට පෙර නිකුත් කර තිබූ සාමාන්‍ය වරෙන්තුව සංශෝධනය කරමින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
මේ අතර, සැකකාරිය වෙනුවෙන් මීට පෙර ඇපකරුවන් ලෙස පෙනී සිටි හිටපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක යන මහත්ම මහත්මීන්ව අදාළ ඇපකාරිත්වයෙන් නිදහස් කරන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම පිළිබඳව නඩු ගොනුව පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා, අදාළ ඇප මුදල රුපියල් මිලියන 10ක් නොව රුපියල් ලක්ෂ 200ක්, එනම් රුපියල් මිලියන 20ක (රුපියල් කෝටි 2ක) ශරීර ඇපයක් බව විවෘත අධිකරණයේදී පෙන්වා දුන්නේය. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් එම විශාල ඇප මුදල රාජසන්තක කිරීමට (Forfeiture of Bail) ප්‍රථම, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙසත්, ඇපකරුවන් ඇපකාරිත්වයෙන් ඉවත් වීමට අපේක්ෂා කරන හේතු ලිඛිතව ගොනු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඇපකරුවන් දෙදෙනාට ඉදිරියේදී විදේශගත වීමට අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් පවතින බව ජනාධිපති නීතිඥවරයා එහිදී වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය. මෙම මහා පරිමාණ මූල්‍ය වංචා නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේන මහතා මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව නඩුව එළඹෙන ජූලි මස 22 වන දින යළි කැඳවීමට නියමිතය.
Post Views: 0
Previous Post

උළුක්කුලම සහ ඉලූප්පන්කඩවල පැපොල් ගොවීන් අසරණ වෙයි

Next Post

පුනරීන් පොලිසිය ඉදිරිපිටදී මෝටර් රථයක් පෙරළී දෙදෙනෙකුට තුවාල

Editor TTV News

Editor TTV News

Next Post
පුනරීන් පොලිසිය ඉදිරිපිටදී  මෝටර් රථයක් පෙරළී  දෙදෙනෙකුට තුවාල

පුනරීන් පොලිසිය ඉදිරිපිටදී මෝටර් රථයක් පෙරළී දෙදෙනෙකුට තුවාල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved