පුනරීන් පොලිසිය අසලදී අධික වේගයෙන් ගමන් කළ මෝටර් රථයක් පාලනය කරගත නොහැකිව පෙරළී යෑමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අනතුරේදී මෝටර් රථය පුනරීන් පොලිසියේ නාම පුවරුවද කඩාගෙන ගොස් ඇති අතර, සිද්ධියෙන් මෝටර් රථයට සහ පොලිස් නාම පුවරුවට දැඩි අලාභහානි සිදුව ඇත. අධික වේගයෙන් පැමිණි රියැදුරු හදිසියේම පොලිස් නාම පුවරුව දැක කලබලයට පත්වීමෙන් රථය පාලනයෙන් ගිලිහී අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි. පුනරීන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














