ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ, ගාල්ල බන්ධනාගාරය අසලදී සිදුවූ රිය අනතුරකින් 62 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (16) දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ කොළඹ දෙස සිට ගාල්ල දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි කාන්තාවකගේ යතුරුපැදිය, පසුපසින් පැමිණි පෞද්ගලික බස් රථයක ගැටීමෙනි. බස් රථය ඉස්සර කිරීමට උත්සාහ කිරීමේදී යතුරුපැදිය බස් රථයේ බඳේ වැදී ඇය බස් රථයට යටවී මෙම අනතුර සිදුව ඇත.
මියගොස් ඇත්තේ ගාල්ල, නාගොඩ, වැල්පාලම ප්‍රදේශයේ පදිංචි පොන්නම්පෙරුම ආරද්දිගේ ශ්‍රියාලතා මහත්මියයි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගාල්ල මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














