එක්සත් ජනපදයේ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) විසින් විදේශීය සිසුන්, සංස්කෘතික හුවමාරු වැඩසටහන් සඳහා පැමිණෙන පුද්ගලයන් සහ මාධ්‍ය නියෝජිතයින් සඳහා පනවා තිබූ “තත්ව කාලසීමාව” (Duration of Status) නිල වශයෙන් ඉවත් කර තිබේ.
මෙතෙක් මෙම පිරිසට රජයේ විශේෂ අධීක්ෂණයකින් තොරව දින නියමයක් නොමැතිව එක්සත් ජනපදයේ රැඳී සිටීමට අවස්ථාව ලැබී තිබුණි. කෙසේ වෙතත්, මෙම නව රීතිය අනුව එම අවස්ථාව අවසන් වන අතර, ඔවුන්ගේ රැඳී සිටීමේ කාලය සඳහා පැහැදිලි සීමාවන් පැනවෙනු ඇත. මෙම වෙනස්කම් හරහා ශිෂ්‍ය වීසා ඇතුළු අදාළ වීසා කාණ්ඩ යටතේ එරටට ඇතුළුවන්නන් සඳහා දැඩි නියාමනයක් ක්‍රියාත්මක වනු ඇත.














