ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය ස්ථානාධිපතිවරයා ඉල්ලා අස්වීම මත එම ස්ථානය තාවකාලිකව වසා දැමීමට දුම්රිය පාලනාධිකාරිය මීට පෙර තීරණය කර තිබුණි. කෙසේ වෙතත් සහන දුම්රිය ස්ථානාධිපතිවරයකු යෙදවීම මගින් එම ස්ථානය යළි පවත්වාගෙන යෑමට දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබේ.
එමෙන්ම මාස කිහිපයක සිට වසා දමා තිබූ අකුරළ හා ආඳාදොල උප දුම්රිය ස්ථාන ද සහන දුම්රිය ස්ථානාධිපතිවරුන් යොදවා අද හෝ හෙට දිනයේ සිට යළි සේවා ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. උප දුම්රිය ස්ථාන 25ක් සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය පසුගිය වසරේ නිකුත් කර තිබුණ ද එම බඳවාගැනීමේ කටයුතු තවමත් අවසන් වී නොමැති බව ද වාර්තා වේ.














