යක්කල ප්රදේශයේ සිදුකළ වැටලීමකදී විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක්, විවිධ වර්ගයේ ජීව පතරොම් තොගයක් සහ බදු නොගෙවා මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (16) රාත්රියේ යක්කල පොලිස් බලප්රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහු සතුව තිබූ ආයුධ හා භාණ්ඩ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කරයි.














