ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිනි මියන් ලී (Miyon Lee) මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සංවර්ධන කටයුතු සඳහා කොරියාව ලබාදෙන සහයෝගය කථානායකවරයා විසින් අගය කරන ලදී. ශ්‍රී ලංකා රජය දූෂණය තුරන් කිරීම, විනිවිදභාවය සහ ආයෝජන හිතකාමී පරිසරයක් ගොඩනැගීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි.
එසේම, කොරියානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බලන ලෙස ද කථානායකවරයා ආරාධනා කළේය. ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩසටහන්වලට සහාය ලබා දීමට සහ දැනුම හුවමාරු කර ගැනීමට කොරියාව සූදානම් බව තානාපතිනිය පැවසුවාය.
ලබන වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 50ක් සපිරීම නිමිත්තෙන්, එම සංවත්සරය දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා සහ හුවමාරු වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට මහඟු අවස්ථාවක් කරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
















