මාවා, බාබුල් සහ තූල් වැනි මත්ද්‍රව්‍යවලට පාසල් සිසුන් ඇබ්බැහි වීම හේතුවෙන් ඔවුන් අතර මුඛ පිළිකා තත්ත්වයන් දරුණු ලෙස ඉහළ යමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා දන්ත ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා අනතුරු අඟවයි. මෙම ද්‍රව්‍යවලට දරුවන් යොමු වීම හේතුවෙන් අනාගත පරපුර බරපතළ සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති බව ඒ මහතා පවසයි.
නවතම දත්ත වාර්තා අනුව මේ වන විට වාර්තා වී ඇති මුඛ පිළිකා රෝගීන් සංඛ්‍යාව 3800කි. ඉන් පිරිමි පුද්ගලයින් 3000ක් සහ කාන්තාවන් 800ක් ලෙස හඳුනාගෙන තිබේ. පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කෙරෙන මෙම පුවක් පැකට් වර්ග භාවිතය හේතුවෙන් පැන නැගී ඇති ව්‍යසනකාරී තත්ත්වය පාලනය කිරීමට වහාම පියවර ගත යුතු බව වැඩිදුරටත් සඳහන් වේ.















