මීගමුව බන්ධනාගාරයේ හටගත් ගැටුමෙන් බරපතල තුවාල ලබා මියගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (17) සිදු කිරීමට නියමිතව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ 25 හැවිරිදි බන්ධනාගාර නියාමක ආර්.පී. මධුසාර සහ 39 හැවිරිදි බන්ධනාගාර පොලිස් විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරි සන්දික ලෂාන් ගුණවර්ධන යන මහත්වරුන්ය. මෙම සිද්ධිය හේතුවෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.















