ජාතික නිවාස වැඩසටහනේ “තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” වැඩසටහනට සමගාමීව, රාජාංගනය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත නිවාස 20ක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම ඊයේ (16) රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුණු අතර, මෙම අවස්ථාව සඳහා රාජාංගනය ප්‍රාදේශීය සභාවේ සභාපති ඉමන්ස රන්දෙනිය මහතා, රාජාංගනය ප්‍රාදේශීය ලේකම්වරයා සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකරු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















