ජල සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳව වැඩි ජල පරිභෝජනයක් සහිත රාජ්ය හා පෞද්ගලික ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (14) ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ඉදිරි මාසවලදී අපේක්ෂා කරන එල්නිනෝ (El Niño) කාලගුණික බලපෑම හේතුවෙන් ඇතිවිය හැකි ජල හිඟය සහ ජල නාස්තිය අවම කරගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.
















