ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් දෙනියාය නගරය ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරිණි.
දෙනියාය මූලික රෝහල් පරිශ්‍රයේ සිට නගරය දක්වා වූ ප්‍රධාන මාර්ගය දෙපස මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කර ඒවා විනාශ කිරීම, ප්‍රජාව දැනුවත් කිරීම සහ නගරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කරනු ලැබීය.
















