දීර්ඝ වූත්, වෙහෙසකර වූත් සටනකින් පසුව සිය අයිතිය දිනා ගැනීමට දක්ෂිකා සමත් වුවද එය අරගලයේ අවසානය වූයේ නැත. ඉන් පසුව ඉහළ පුටුවල සිටියවුන්ගේ “පරිපාලනමය ගරිල්ලා ප්‍රහාරයන්”ට මුහුණ දීමට ඇයට සිදුව ඇත්තේ අභාග්‍යසම්පන්න ලෙසටය.
පළමු ගැටලුව මතුවන්නේ විභාගයන්ට මුහුණ දීම සඳහා සලකා බැලෙන 80% පැමිණීමේ ප්‍රතිශතය හේතුවෙන්ය. දක්ෂිකා මනෝවිද්‍යාව විශේෂවේදී උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම සඳහා අරගල කරන අතරතුර එකී උපාධි පාඨමාලාව ආරම්භ වී පැවැත්වෙමින් තිබී ඇත. අවසානයේ ඇය ලියාපදිංචිය සම්පූර්ණ කර මනෝවිද්‍යාව විශේෂවේදී උපාධි පාඨමාලාවට සහභාගී වන විට එකී උපාධි පාඨමාලාවේ නියමිත අධ්‍යයන කාලයෙන් මාස කිහිපයක් ගතව අවසන්ව තිබිණි. ඒ අනුව දක්ෂිකාට සමාසික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අවශ්‍ය පැමිණීමේ ප්‍රතිශතය පෙන්වීමට හැකියාවක් තිබුණේ නැත.
මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව හොඳාකාරවම දැනුවත්ව සිටි නමුත් මනෝවිද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන විසින් ඇයට දැනුම් දී තිබුණේ 80% පැමිණීමේ ප්‍රතිශතය නොමැති නිසා ඇයට සමාසික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අවසර ලබා දිය නොහැකි බවය. කෙසේ වෙතත් ඒ පිළිබඳව පීඨාධිපතිවරයා වෙත පැමිණිලි කිරීමෙන් පසුව පරීක්ෂණ සඳහා පෙනී සිටීමේ අවසරය ලැබී තිබුණි.
අතපසු වූ විෂය කරුණු සිය සහෝදර සිසු සිසුවියන්ගෙන් ලබාගත් දක්ෂිකා බහුතරයක් වූ පීඨයේ මානුෂිකත්වය අගය කළ ගුරුවරුන්ගේද ආශීර්වාදය සහිතව සිය විශේෂවේදී උපාධියේ පරීක්ෂණ සඳහා සූදානම් වූවාය. දක්ෂිකාගේ කැපවීමත්, දක්ෂතාවයත් හේතුවෙන් ඉතා හොඳ විෂය අවබෝධයකින් පසුවූ ඇයට පහසුවෙන්ම ඉහළ ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ ශක්‍යතාවයක් තිබූ බව ඇයට අනුකම්පා කරමින් උපකාර කළ ආචාර්යවරුන්ගේ අවබෝධය විය.
මෙම තත්ත්වය දක්ෂිකාට එරෙහි බලවේගද හොඳින් හඳුනාගෙන තිබුණි. එනිසා ඇයගේ ගමනට කිසියම් හරස් කැපීමක් සිදු නොකළහොත් ඇය ඇතැම්විට නතර වනු ඇත්තේ පළමු පන්තියේ උපාධියක් ලබා ගැනීමෙන් පසුව බව අවබෝධ කරගත් එම දුර්ජනයන් පිරිස දක්ෂිකාගේ මානසිකත්වය බිඳ දමා ඇය පසුපසට ඇද දැමීමේ ඊළඟ පියවර ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන තිබේ.
ඒ සඳහා ඔවුන් තෝරාගෙන ඇත්තේ අතිශයින්ම සංවේදී සහ තීරණාත්මක වන විභාග කටයුතු අතරතුර දක්ෂිකාගේ මානසිකත්වය අවුල් කර ඇය දුර්වල කිරීමේ කටයුත්තයි.
– විභාගය අතරතුර දක්ෂිකාට සිදුකළ අකටයුතුකම් පිළිබඳව ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න.
















