අද (17) දිනයේදී ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වෙනසක් පමණක් පෙන්නුම් කරමින් ස්ථානීය වෙළෙඳපොළේදී රුපියල් 336.26 – 336.30 මට්ටමේ ගනුදෙනු වී තිබේ.
ඊයේ (16) දිනයේදී ඩොලරයක අගය රුපියල් 336.25 – 336.35 මට්ටමේ සටහන්ව තිබූ අතර, ඒ අනුව රුපියලේ අගය තවදුරටත් ස්ථාවර මට්ටමක පවතින බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
















