පසුගිය දිනවල අස්ථාවරව පැවති රන් මිලෙහි අද (17) දිනයේදී කැපී පෙනෙන පහළ යාමක් දක්නට ලැබේ. ඒ අනුව, අද දින වෙළෙඳපොළේ සටහන්ව ඇති රන් පවුමක (ග්රෑම් මිල ගණන් පහත පරිදි වේ.
කැරට් 24 ග්රෑම් 8ක් රුපියල් 366,010කට මිලදී ගත හැකි අතර එහි විකුණුම් මිල රුපියල් 390,985කි. කැරට් 22 ග්රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 335,211ක් සහ විකුණුම් මිල රුපියල් 358,161ක් ලෙස දැක්වේ. එසේම කැරට් 21 ග්රෑම් 8ක් රුපියල් 320,260කට මිලදී ගත හැකි අතර එහි විකුණුම් මිල රුපියල් 342,170කි. කැරට් 18 ග්රෑම් 8ක මිලදී ගැනීමේ මිල රුපියල් 274,475ක් වන අතර එහි විකුණුම් මිල රුපියල් 293,250කි.













