රජයේ මූල්‍ය නොවන වත්කම් කළමනාකරණය සඳහා හඳුන්වා දී ඇති මාර්ගගත පද්ධතිය (NFAMS) මගින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, රාජ්‍ය ආයතන සතු සමස්ත වාහන සංඛ්‍යාව 96,027ක් ලෙස වාර්තා වේ.
එම දත්තවලට අනුව වාහනවල තත්ත්වය සහ වයස්ගත බව පිළිබඳ විග්‍රහය පහත දැක්වේ.
සමස්ත වාහනවලින් 92,116ක් හෙවත් 96%ක් ධාවන තත්ත්වයේ පවතින අතර, වාහන 3,911ක් හෙවත් 4%ක් ධාවන තත්ත්වයේ නොපවතී. එමෙන්ම සමස්ත වාහන සංඛ්‍යාවෙන් 46,708ක් හෙවත් 48.64%ක් වසර 15කට වඩා පැරණි වාහන වේ. වසර 1ත් 5ත් අතර වයස් කාණ්ඩයේ පවතින වාහන සංඛ්‍යාව 6,864ක් හෙවත් 7%ක් පමණි. මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2025 අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව මගින් මෙම දත්ත තහවුරු කර ඇත.
















