දකුණු චීන මුහුද හා සම්බන්ධ ගැටලු පිළිබඳව විනිශ්චයන් ලබා දීමට ජපානයට කිසිදු අයිතියක් නොමැති බව චීනය දැඩිව අවධාරණය කර සිටී. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් චීනයේ පිහිටි ජපාන තානාපති කාර්යාලයේ ප්‍රධාන අමාත්‍යවරයා කැඳවා මෙම කරුණු පෙන්වා දී තිබේ.දකුණු චීන මුහුදේ පවතින ගැටලු සම්බන්ධයෙන් ජපානයට ඓතිහාසික වගකීම් පැවතියද, ඔවුන් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බව චීන පාර්ශ්වය ප්‍රකාශ කරයි. එම නිසා, එම ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වී විනිශ්චයන් ලබා දීමට ජපානයට සදාචාරාත්මක හෝ නීතිමය අයිතියක් නොමැති බව චීනය වැඩිදුරටත් අවධාරණය කරයි.
















