ලෝක ක්රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්රීඩකයෙකු ලෙස සැලකෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්රීඩක සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඔහු 89 වැනි වියේ පසු විය. ක්රිකට් ක්රීඩාවේ සර්වකාලීන විශිෂ්ටයෙකු ලෙස සර් ගාෆීල්ඩ් සෝබර්ස් ලොව පුරා ගෞරවාදරයට පාත්ර වූ ක්රීඩකයෙකි.














