ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපතිවරයා අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම එක්සත් ජනපදය විසින් නැවත නැවතත් උල්ලංඝනය කිරීම හේතුවෙන් ට්‍රම්ප්ගේ අත්සන “සම්පූර්ණයෙන්ම වටිනාකමකින් තොර සහ විශ්වසනීයත්වයක් නොමැති එකක්” බව ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමෙනි (Mojtaba Khamenei) පවසයි.
සෙනසුරාදා නිකුත් කළ ලිඛිත ප්‍රකාශයකින් ඔහු මේ බව සඳහන් කළේය. පසුගිය සතියේ දෙපාර්ශවය අතර පැවති සටන් විරාම ගිවිසුම බිඳ වැටීමත් සමඟ වොෂින්ටන් සහ ටෙහෙරාන් අතර යළිත් ප්‍රහාර හුවමාරු සිදුවෙමින් පවතින අතර, එමගින් යළිත් පූර්ණ යුද්ධයක් ඇතිවීමේ බියක් මතුව තිබේ.
ඇමරිකානු එක්සත් ජනපදය හොඳින් මතක තබා ගත යුතු බව පවසන කමෙනි, ඉරාන ජාතියට සහ “ප්‍රතිරෝධී පෙරමුණට” (Resistance front) ඇමරිකාවට උගන්වන්නට “අමතක නොවන පාඩම්” ඇති බව වැඩිදුරටත් අවධාරණය කළේය.














