චීනයේ සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින මීටර් 5කට වඩා දිග සහ ටොන් 3කට වඩා බරැති දැවැන්ත විද්‍යුත් වාහන භාවිතය හේතුවෙන් එරට මාර්ග පද්ධතියට බරපතළ හානි සිදුවෙමින් පවතින බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.
මෙම වාහනවල අඩංගු විශාල බැටරි සහ අමතර උපාංගවලින් පවතින අධික බර, මාර්ග ඉක්මනින් දිරාපත් වීමට සෘජුවම බලපා ඇත. අනෙක් අතට, ඉන්ධන වාහන භාවිතය අඩුවීම නිසා ඉන්ධන බදු ආදායම පහත වැටීමෙන් මාර්ග නඩත්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට චීන පළාත් පාලන ආයතන දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටිති. චීන ප්‍රවාහන අමාත්‍යාංශයේ දත්ත අනුව, සාමාන්‍ය මාර්ග නඩත්තුවට අවශ්‍ය ප්‍රතිපාදනවලින් 50%ක හිඟයක් පවතින අතර, ප්‍රාදේශීය මාර්ගවලින් 40%ක් පමණ අලුත්වැඩියාවන් අත්‍යවශ්‍ය වුවද ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් එම කටයුතු අත්හැර දමා තිබේ.
මෙම අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීමට චීන රජය මේ වන විට විද්‍යුත් වාහන සඳහා ලබා දී තිබූ බදු සහන දැඩි ලෙස කප්පාදු කිරීමට පියවර ගනිමින් සිටී. ඊට අමතරව, දිගුකාලීන විසඳුමක් ලෙස වාහනය ධාවනය කරන දුර ප්‍රමාණය මත පදනම් වූ නව බදු ක්‍රමයක් හඳුන්වා දීමට ප්‍රතිපත්ති සම්පාදකයින් තීරණය කර ඇත. ඒ සඳහා දැනටමත් හයිනෑන් වැනි පළාත්වල චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් නියමු ව්‍යාපෘති ආරම්භ කර තිබේ.














