ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරක සිටි සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉරානය එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව යළිත් වරක් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. අමෙරිකානු මධ්‍යම බලඇණිය (CENTCOM) තහවුරු කරන පරිදි මෙම ප්‍රහාර මාලාවේදී තවත් අමෙරිකානු සෙබළෙකු අතුරුදන්ව ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝගය මත ඊයේ (18) රාත්‍රියේ මෙම ප්‍රතිප්‍රහාර මාලාව ආරම්භ විය. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතුවලට ඉරානයෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සහ අමෙරිකානු සෙබළුන්ට ප්‍රහාර එල්ල කළ ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායට ක්ෂණික දඬුවම් පැමිණවීම මෙම ප්‍රහාරවල මූලික අරමුණ බව අමෙරිකාව ප්‍රකාශ කරයි.
මේ අතර, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා මොජ්තබා ඛමේනි ප්‍රකාශ කර ඇත්තේ ගැටුම් උග්‍ර කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වොෂින්ටනයට බරපතළ වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවයි. පසුගිය මාසයේ අත්සන් කරන ලද තාවකාලික සටන්විරාම ගිවිසුම බිඳ වැටීමෙන් පසු දෙපාර්ශ්වයම තම ප්‍රහාර තීව්‍ර කර ඇති අතර, මෙය කලාපීය මහා යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
















