බදුල්ල, දුන්හිඳ දිය ඇල්ලට පිවිසෙන මාර්ගය ආසන්නයේදී අද (19) පස්වරුවේ මෝටර් රථයක් මාර්ගය මැද පෙරළී අනතුරක් සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය තුළ පුද්ගලයින් සිව්දෙනෙකු ගමන් කරමින් සිටි අතර, ඔවුන් බලංගොඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනා වේ. දඹුල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වී නැවත නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම අනතුරින් වාහනයේ ගමන් ගත් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බව සඳහන් වේ.
















