මෙරට සියලුම විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම සඳහා විශේෂ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම නව මාර්ගෝපදේශය හෙට (20) නිල වශයෙන් එළිදක්වනු ඇත.
විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ හරහා රෝගීන් කල්තියා හඳුනා ගැනීම, ඔවුන් නිසි පරිදි කළමනාකරණය කිරීම සහ රෝග නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම අරමුණු කෙරේ.
















