පොලිස් මූලස්ථානය නිකුත් කළ නවතම දත්තවලට අනුව, මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වෙඩි තැබීමේ සිද්ධීන් 18ක් වාර්තා වී තිබේ.
අද දින පිළියන්දල සහ දෙහිවල යන පොලිස් වසම්වලදී සිදු වූ වෙඩි තැබීම් දෙකත් සමඟ මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. මෙම වෙඩි තැබීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කරයි.














