කඩුවෙල, කොරතොට වදුරම්මුල්ල ප්‍රදේශයේදී පසුගිය 16 වනදා තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මෙම ඝාතනය සඳහා මුදල් කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා සහ වෙඩි තැබීම සඳහා වෙඩික්කරු රැගෙන ආ යතුරුපැදිකරු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. පසුගිය 16 වනදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අදාළ තරුණයා ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණි.














