මාතර ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් කාර් රථයකට ඉස්සර කිරීමට යාමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරියක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 33 සහ 36 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකි. අනතුරට සම්බන්ධ වාහන සහ අදාළ සිදුවීම පිළිබඳව මාතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
















