කම්කරු අමාත්‍යවරයා සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් දඹදිව සහ තායිලන්ත වන්දනා ගමන් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවට සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය ප්‍රචාර කම්කරු අමාත්‍යාංශය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.
මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක් බවත්, අමාත්‍යවරයා විසින් එවგන් ප්‍රකාශයක් කිසිදු අවස්ථාවක සිදු කර නොමැති බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි. ශ්‍රී ලංකාවේ සමාජ, දේශපාලන සහ ආගමික සහජීවනය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන පටු දේශපාලන අරමුණු සහිත කණ්ඩායම් විසින් මෙම අසත්‍ය වාර්තාව පතුරුවා හරිනු ලබන බව පෙනී යන බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේය.
“මෙგැනි පහත් මට්ටමේ අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අපගේ කණගාටුව සහ දැඩි දෝෂදර්ශනය ප්‍රකාශ කරමු,” යනුවෙන් කම්කරු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.
















