කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 197.31 කින් එනම් 0.92% කින් පහළ වැටී ඇති අතර, ඒ අනුව දර්ශකය 21,208.10ක් ලෙස සටහන් විය. මෙම දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.6 ක් ලෙස වාර්තා වී ඇත.