රටේ සිදුවන සෑම අහිතකර සිදුවීමකටම රාජපක්ෂවරුන් වගකිව යුතු බව පවසන වත්මන් රජය, රාජපක්ෂ පාලන සමයේ ඉටුකළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවල ගෞරවය උදුරා ගැනීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ජන හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ කවුරුන් හෝ දිවි නසාගත් විට පවා එය රාජපක්ෂවරුන්ගේ පිටින් යැවීමට ආණ්ඩුව උත්සාහ කරන නමුත්, යුද්ධය අවසන් කිරීම, අධිවේගී මාර්ග සහ පෝර්ට් සිටි වැනි ව්‍යාපෘතිවල අයිතිය පැවසීමේදී ඊට අයිතිකරුවන් ගොඩක් සිටින බව පවසන බවයි.මහ බැංකු සහ මුදල් අමාත්‍යාංශ ගිණුම්වලට හැකර්වරුන් ඇතුළු වී මුදල් සොරකම් කිරීමේ සිද්ධීන් පවා තමන් සමඟ සම්බන්ධ කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කිරීම හාස්‍යයට කරුණක් බව ඔහු පෙන්වා දුන්නේය. ජනතාව මත දැඩි බදු බරක් පටවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත්, ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ගැන 75%ක් සතුටු බව පවසන අතරම රටෙන් භාගයක් බඩගින්නේ සිටින බව එම පුවත්පත්වලම සඳහන් වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















