ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල සඳහා ඩෙංගු රෝගය නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමේ උත්සවය කොළඹ 07, වෝඩ් පෙදෙසේ පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (20) පැවැත්විණි. විශ්වවිද්‍යාල තුළ ඩෙංගු රෝගය කල්තියා හඳුනාගැනීම, රෝගීන් නිසි පරිදි කළමනාකරණය කිරීම සහ මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග හඳුන්වාදීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥ සම්පත් දායකත්වයද ඊට හිමි විය. මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා විසින් අදාළ මාර්ගෝපදේශය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා වෙත පිළිගන්වන ලදී.
















