දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටියේ සිට ගම්පොල දක්වා වූ කොටස නැවත ප්‍රතිසංස්කරණය කර මේ වසර අවසන් වන විට නාවලපිටියේ සිට මහනුවර දක්වා දුම්රියක් ධාවනය කිරීමට හැකි වනු ඇති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ මහත්මිය පවසයි. තැඹිලිගල වරකාපිටිය දුම්රිය ස්ථානය අසල දැඩි ලෙස හානියට පත් වූ දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව නිරීක්ෂණයට එක්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරිය මේ බව කියා සිටියාය.
හානියට පත් වැඩ බිම් වෙත ප්‍රවේශ මාර්ග නොමැති වීම හේතුවෙන් විකල්ප මාර්ගයක් සැකසීමට ගම්වාසීන්ගේ ඉඩම් ලබාගැනීම සම්බන්ධයෙන් මතු වූ ගැටලුව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ඉල්ලීම මත මන්ත්‍රීවරිය ඇතුළු කණ්ඩායමක් ගම්වාසීන් හමුවී සාකච්ඡා කර විසඳාගෙන ඇත. දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල මහතා සඳහන් කළේ, නාවලපිටිය සහ ගම්පොළ අතර හානියට පත් වූ ස්ථාන 36න් 30ක වැඩ මේ වන විට අවසන් කර ඇති අතර, ඉතිරි ස්ථාන 6 els ආයතනය සමඟ එක්ව අලුත්වැඩියා කරන බවයි.
















