ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සාමාජිකයන් හය දෙනෙකු පත් කර තිබේ. ඒ අනුව වෛද්‍ය අනුර දිසානායක, නියාස් මොහොමඩ් ඉර්ෂාඩ්, විශ්වනාත් එදිරිසිංහ, සංජීව ගුණරත්න, එච්. හේරත් සහ චමින්ද ප්‍රසාද් කුමාරතුංග යන මහත්වරුන් මෙලෙස නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර ඇත.අදාළ පත්කිරීම්වලින් අනතුරුව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක යන මහත්වරුන් ජාතික තරුණ සේවා සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවක්ද පවත්වා තිබේ. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරුන් සඳහන් කළේ තරුණ සංවර්ධන වැඩසටහන්වලදී ඉලක්කයක් සහිතව අරමුණු සහගත වැඩපිළිවෙළක් ඔස්සේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සක්‍රීය දායකත්වය ලබාදිය යුතු බවයි.
















