මුදල් කොමිෂන් සභාවේ නව සභාපතිනිය ලෙස එන්. ආර්. අනීස් මහත්මිය පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ.
එහි සෙසු සාමාජිකයන් ලෙස ජේ. එම්. සී. ජේ. විජේතුංග මහතා සහ කේ. කරුණාහරන් මහතා පත් කර ඇත.
පූර්ව සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීමෙන් ඇති වූ පුරප්පාඩු සඳහා සිදුකළ මෙම පත්වීම්වලට අදාළ ලිපි භාරදීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් අද (20) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය.
















