රාජ්‍ය අංශයේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු “රාජ්‍ය අංශයේ පරිවර්තනයක් උදෙසා දත්ත පාලනය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ජාතික වැඩමුළුව” අද (20) කොළඹදී ආරම්භ විය.
ජනාධිපති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුව (UN DESA) එක්ව මෙම තෙදින වැඩමුළුව සංවිධානය කර ඇත.
දත්ත පාලනය, ඩිජිටල් රාජ්‍ය පාලනය, ආචාරධාර්මික කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතය, ජනනීය (Generative) සහ ස්වයංක්‍රීය (Agentic) AI තාක්ෂණය රාජ්‍ය සේවයට යොදා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ඇතුළු දේශීය හා ජාත්‍යන්තර තාක්ෂණික විශේෂඥයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන හරහා සාක්ෂි මත පදනම්ව තීරණ ගැනීමේ රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමට අපේක්ෂා කෙරේ.
















