DFCC බැංකුව විසින් දියත් කර ඇති ‘DFCC ආලෝකා’ වැඩසටහන ඔස්සේ 2026 වසර වන විට ශ්‍රී ලාංකීය කාන්තාවන් 130,000කට අධික පිරිසක් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීමට පියවර ගෙන තිබේ. කාන්තාවන් සඳහා මූල්‍ය ප්‍රවේශය, ව්‍යාපාරික සංවර්ධන සහාය, උපදේශන සේවා සහ ණය පහසුකම් ලබාදීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙල, සාම්ප්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට යමින් කාන්තා ව්‍යවසායිකාවන්ගේ සැබෑ අවශ්‍යතා මත පදනම්ව නිර්මාණය කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ දැනටමත් ව්‍යාපාර 100ක් සඳහා රුපියල් මිලියන 600ක සහනදායී ණය පහසුකම් පිරිනැමීමට බැංකුව සමත් වී තිබේ. තවද කාන්තා කර්‌මාන්ත හා වාණිජ මණ්ඩලය, Uber Sri Lanka, රූපලාවන්‍ය ශිල්පීන්ගේ ආයතනය සහ Chrysalis වැනි ආයතන සමඟ අත්වැල් බැඳගනිමින්, ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායිකාවන් වෙත ළඟා වීමට DFCC බැංකුව කටයුතු කර ඇත. මෙහිදී මූල්‍ය සාක්ෂරතාවය සහ තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා විශේෂ වැඩමුළු සහ උපදේශන සැසි ද සංවිධානය කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ නිල නොවන ආර්ථිකය තුළ කාන්තා ශ්‍රමයේ දායකත්වය අතිමහත් වුවද, විධිමත් මූල්‍ය පද්ධතිය තුළ ඔවුන්ගේ දායකත්වය නිසි ඇගයීමකට ලක්වීම අඩුවක්ව පැවතිණි. ‘DFCC ආලෝකා’ මගින් එම අඩුව පිරිමසමින් කාන්තාවන් බැංකු පද්ධතියට අනුගත කිරීම, ඉතුරුම් පුරුදු දිරිමත් කිරීම සහ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද හඳුන්වා දීම සිදු කෙරේ. මෙරට ආර්ථික සංවර්ධනය උදෙසා කාන්තා දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ඉදිරියේදී ණය ප්‍රවේශයන් පුළුල් කිරීමට සහ ග්‍රාමීය මට්ටමින් මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීමට බැංකුව අපේක්ෂා කරයි.
















