131 වැනි දහම් පාසල් දින ජාතික සැමරුම් උත්සවය එළඹෙන අගෝස්තු 3 වැනිදාට යෙදී ඇති අතර, ඊට සමගාමී ප්‍රධාන ජාතික උත්සවය අගෝස්තු 2 වැනිදා කැබිතිගොල්ලෑවේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමින් වහන්සේ පවසති.
අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ “බුද්ධ පිළිවෙත් සුරකින දැහැමි සමාජයක්” යන්න මෙවර තේමාව බවයි.
පසුගිය වසරේ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් කල් දැමීමට සිදු වූ සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ජාතික වැඩසටහන මෙවර ජූලි 24 සහ 25 දෙදින දෙබරවැව ජාතික පාසලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දිවයින පුරා ලක්ෂ 15කට ආසන්න දහම් පාසල් සිසු පිරිසකගේ කුසලතා එළිදැක්වීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන් සංවිධානය කර තිබේ.
















