ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින දැඩි යුධමය වාතාවරණය හමුවේ, යේමනයේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික තහනමක් (Maritime Embargo) ප්‍රකාශයට පත්කර තිබේ.
මේ අතර, පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කරගැනීම සඳහා දින 10ක සටන් විරාමයක් යෝජනා කරමින් මැදිහත්කරුවන් විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බව ඉරාන විදේශ අමාත්‍යාංශය තහවුරු කරයි.
කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකා දෙකක් ප්‍රහාරයට ලක්ව ඇති අතර, එක්සත් ජනපද මධ්‍යම බළකාය (CENTCOM) විසින් ඉරානයේ නගර කිහිපයකට අඛණ්ඩව නවවැනි දිනටත් මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.
ගෝලීය බලශක්ති සහ තෙල් සැපයුමට මෙමගින් දැඩි තර්ජනයක් එල්ල වී ඇති අතර, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කළේ ඉරානය ජාත්‍යන්තර මුහුදු මාර්ගවලට පහර දෙන තාක් ඇමෙරිකාවද පෙරළා ප්‍රහාර එල්ල කරන බවත්, නමුත් රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට තවමත් ඉඩ පවතින බවත්ය.
















