මීරිගම ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ අලෙවිසැලක අද (20) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හේතුවෙන් අදාළ අලෙවිසැලට සහ එහි තිබූ භාණ්ඩවලට බරපතළ හානි සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
ප්‍රදේශයේ ගිනි නිවීමේ ඒකක සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීම සහ මැඩපැවැත්වීම සඳහා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි. ගින්න හටගැනීමට හේතුව හෝ සිදුවූ අලාභයේ ප්‍රමාණය මෙතෙක් තහවුරු වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
















