පසුගිය පැය 24 තුළ ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීන ජාතිකයින් තිදෙනෙකු මියගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව, 2023 ඔක්තෝබර් 7 වනදා ගාසා යුද්ධය ආරම්භ වූ තැන් පටන් මේ දක්වා මියගිය සමස්ත පලස්තීන ජාතිකයින් සංඛ්‍යාව 73,283 දක්වා ඉහළ ගොස් ඇති අතර, තුවාල ලැබූවන් සංඛ්‍යාව 173,864ක් වේ. පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කළ සටන් විරාමයෙන් පසුව පවා සිදුවූ දෛනික ප්‍රහාරවලින් පමණක් අවම වශයෙන් පුද්ගලයින් 1,158 දෙනෙකු මියගොස් 3,756 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ. ගාසා තීරයේ උග්‍ර වන මානුෂීය අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව තිබේ.
















