ඇමෙරිකානු ජාතික තස්ත්‍ර විරෝධී මධ්‍යස්ථානයේ (NCTC) හිටපු ප්‍රධානී ජෝ කෙන්ට් (Joe Kent) පෙන්වා දෙන්නේ මැදපෙරදිග පවතින යුධමය තත්ත්වය වහාම අවසන් කිරීමට කාලය පැමිණ ඇති බවයි. කලාපයේ සිටින ඇමෙරිකානු සෙබළුන් ආපසු කැඳවීම, ඉශ්‍රායලය මත සැබෑ සීමාවන් පැනවීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හා බැබ් අල්-මන්ඩෙබ් (Bab al-Mandeb) සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික විසඳුම් වෙත යොමුවිය යුතු බව ඔහු අවධාරණය කරයි.
2025 දී හවුතිවරුන් පරාජය කිරීමට ඇමෙරිකාව අසමත් වූ බවත්, ඉරානය සහ හවුතිවරුන් දෙපිරිසටම එකවර මුහුණ දීමට ඇමෙරිකාවට නොහැකි බවත් පෙන්වා දෙන කෙන්ට්, ඉරාකය, ඇෆ්ගනිස්ථානය සහ සිරියාව වැනි රටවලදී මෙන්ම අවසානයේ ඇමෙරිකාවට සිදු වන්නේ සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට බව මතක් කර දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














