මැදපෙරදිග යුද ගැටුම් සහ ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ වුවද බ්රිතාන්යය සහ ඉන්දියාව අතර ඇති කරගත් “සම්පූර්ණ ආර්ථික හා වෙළෙඳ ගිවිසුම” (CETA) පසුගිය ජූලි 15 වැනිදා සිට නිල වශයෙන් බලාත්මක කර තිබේ. වසර හතරකට වැඩි කාලයක් පුරා පැවැති දීර්ඝ සාකච්ඡාවලින් පසුව මෙම තීරණාත්මක පියවර ගෙන ඇත.
ලන්ඩනයේ ‘ඩේලි නිවුස් ඩෙස්ක්’ පුවත් සේවයට අනුව, මෙම ගිවිසුම මඟින් ඉන්දියාවෙන් බ්රිතාන්යයට සිදු කරන අපනයනවලින් 99%කටම තීරුබදු නිදහස හිමිවන අතර, දෙරට අතර වෙළෙඳාම, ආයෝජන, නවෝත්පාදන සහ රැකියා අවස්ථා සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇත. දැනට ඇමෙරිකානු ඩොලර් බිලියන 58ක් ලෙස පවතින දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම 2030 වන විට ඩොලර් බිලියන 120 දක්වා දෙගුණයකින් ඉහළ යනු ඇතැයි අනුමාන කෙරේ.
















